Sunday, June 10, 2007

My Deepest Sympathies For Professor V.K. Samaranayake (Father of IT in Srilanka) ‘s death

My Deepest Sympathies For Professor V.K. Samaranayake (Father of IT in Srilanka) 's death

At very first I must prove you why I Do believe, He as the Father of IT in Srilanka. Absolutely, He did the greatest service for the enhancement of It in srilanka in a Magnificent way, I Really Appreciate His key role which fulfilled with hard dedication. After much deliberation, He played that key role in a silent way but It did shined way of IT And my thoughts leaves a comment , that is He is the processor of the motherboard of Srilankan IT Development project, Finally I glade to be a student who received a valuable gift from him.

I wish you to reborn in Srilanka and continue role of IT………..


Bathiya Udayanga Pathirana
--
۩¤ı¤י¤¤Bhathiya¤¤י¤ı¤۩

Friday, June 8, 2007

විද්‍යාජෝති මහාචාර්ය වී. කේ. සමරනායක දැයෙන් සමුගනී!

විද්‍යාජෝති මහාචාර්ය වී. කේ. සමරනායක දැයෙන් සමුගනී!

කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක විද්‍යාව පිළිබඳ සේවාර්ජිත මහාචාර්ය, ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායනයේ සභාපති සහ කොළඹ විශ්වවිද්‍යාලයීය පරිගණක අධ්‍යයනායතනයේත් ඊට පෙර පැවති පරිගණක තාක්ෂණ ආයතනයේත් සමාරම්භක අධ්‍යක්ෂවරයා වූත් විද්‍යාජෝති මහාචාර්ය වී. කේ. සමරනායක ස්වීඩන රජයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සංවර්ධන වැඩසටහනකට සහභාගී වෙමින් සිටිය දී 2007 ජූනි මස 6වැනිදා ස්ටොක්හෝම්හි දී හදිසියේ අභාවප්‍රාප්ත විය.

ශ්‍රී ලංකාව තුළත් ජාත්‍යන්තරවත් ඉමහත් කීර්තියක් ඉසිලූ මහාචාර්ය වී. කේ. සමරනායක තොරතුරු තාක්ෂණ හා සන්නිවේදන ක්ෂේත්‍රයේ වෘත්තිකයන් හා සංවිධාන අතර අධ්‍යාපනඥයකු සහ ශ්‍රී ලංකාවේ නූතන තොරතුරු තාක්ෂණ ප්‍රතිපත්ති සම්පාදනයේ සහ එය ක්‍රියාවට නැංවීමේ පුරෝගාමියකු හා ඒ පිළිබඳ පැහැදිලි අනාගත දැක්මකින් යුතුව කටයුතු කරන්නෙකු ලෙස ගෞරවයට පාත්‍රවී සිටියේ ය.

වර්ෂ 1974 දී කොළඹ විශ්වවිද්‍යාලයේ ගණිත අධ්‍යයනාංශයේ අංශ ප්‍රධාන ධුරයට සහ මහාචාර්ය ධුරයට පත් කෙරුණු හෙතෙම වර්ෂ 1961 දී තම ප්‍රථම උපාධිය ලබා ගැනීමත් සමගම ඇරඹි වසර 43ක අඛණ්ඩ විශ්වවිද්‍යාල සේවයෙන් වර්ෂ 2004 සැප්තැම්බර් මස 30වැනි දා විශ්‍රාම ගිය අතර ඒ වන විටත් ඔහු කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක විද්‍යාව පිළිබඳ ජ්‍යේෂ්ඨ මහාචාර්ය ධුරය හෙබවීය. මෑතක දී ඔහු කොළඹ විශ්වවිද්‍යාල‍ය විසින් පරිගණක විද්‍යාව පිළිබඳ සේවාර්ජිත මහාචාර්ය ධුරයෙන් ද පිදුම් ලැබීය. මේ කාලපරිච්ජේදය ඇතුළත අංශ ප්‍රධාන තනතුරේ සිට උපකුලපති තනතුර දක්වා ඇති නොයෙක් මට්ටමේ තනතුරු දරමින් ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල පද්ධතියට ඔහු ඉටුකර ඇති සේවය අප්‍රමාණය.

ගණිතඥ‍යකු හා ශාස්ත්‍රඥයකු ලෙස තම වෘත්තීය ජීවිතය ඇරඹූ මහාචාර්ය සමරනායක ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල අධ්‍යාපනය කාර්යක්ෂම කිරීමට ඇප කැප වී කටයුතු කළේ ය. එකිනෙකට වෙනස් වූ විවිධ ක්ෂේත්‍ර පුරා විහිදෙන ඔහුගේ සේවය අතර සංඛ්‍යාන අධ්‍යාපනය, සංවර්ධන අධ්‍යාපනය, සේවක අධ්‍යාපනය, තොරතුරු තාක්ෂණ අධ්‍යාපනය සහ විශ්වවිද්‍යාල ප්‍රතිසංස්කරණ යන විෂය ක්ෂේත්‍රවල ඔහුගේ පුරෝගාමී දායකත්වය කැපී පෙනෙයි. මයික්‍රොකොම්පියුටර භාවිතයට පැමිණීමත් සමගම විශ්වවිද්‍යාලවලට, පාසල්වලට සහ අනෙකුත් පුහුණු කිරීමේ/අධ්‍යාපන ආයතනවලට මහ පරිමාණයෙන් පරිගණක අධ්‍යාපනය ලබා දීමට ඔහු තම පරිගණනය පිළිබඳ විශේෂඥ දැනුමත් අද්විතීය කළමණාකරණ හැකියාවත් යෙදවූ බව නොරහසකි.

ශ්‍රී ලංකා විද්‍යභිවර්ධන සංගමයේ ස්වර්ණ ජයන්ති වර්ෂයේ දී එනම් 1994 වර්ෂයේ දී එහි ප්‍රධාන සභාපති ධුරයට පත් කෙරුණු මහාචාර්ය සමරනායක 1990-2000 කාලපරිච්ජේදයේ දී ජාතික විද්‍යා ඇකඩමියේ සභාපතිවරයා ලෙස ද කටයුතු කළේ ය. වර්ෂ 2004 මැයි මස දක්වාම කොළඹ විශ්වවිද්‍යාලයීය පරිගණක අධ්‍යයනායතයේත් (UCSC) සහ ඊට පෙර පැවති පරිගණක තාක්ෂණ ආයතනයේත් (ICT) සමාරම්භක අධ්‍යක්ෂ වූයේ ද මහාචාර්ය සමරනායකයි.

මේ වන විට කොළඹ විශ්වවිද්‍යාලයීය පරිගණක අධ්‍යයනායතය ලෙස වර්ධනය වී ඇති පරිගණක තාක්ෂණ ආයතනය ස්ථාපිත කිරීමේ දී හෙතෙම තම අද්විතීය කළමණාකරණ හා ඒකාබද්ධව කටයුතු කිරීමේ දක්ෂතාවක් ප්‍රදර්ශනය කළ අතර බ්‍රිතාන්‍ය ආධාර යටතේ කොළඹ විශ්වවිද්‍යාලයෙහි මයික්‍රොකොම්පියුටර විද්‍යාගාරයක් ලෙස ඇරඹි පරිගණක තාක්ෂණ ආයතනය ශ්‍රී ලංකා රජයේ, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP), ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනයේ (JICA) සහ අනෙකුත් දායකයන්ගේ ආධාර ඒකාබද්ධ කරමින් පරිගණනය සඳහා වූ සුවිශිෂ්ට කේන්ද්‍රස්ථානයක් ස්ථාපනය කිරීමට පියවර ගත්තේ ය. අද වන විට ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය (JICA) විසින් මෙය තම දකුණු ආසියා සංවර්ධන සහයෝගිතාවේ පරමාදර්ශී සංඛේතයක් ලෙස සලකනු ලබයි. පරිගණන විෂය ක්ෂේත්‍රයේ ඔහුගේ සම්ප්‍රදානය අනාගතය අරමුණු කර ගත් දර්ශනයකින් යුක්ත වන අතර යථාර්ථවාදී ද විය.

වර්ෂ 1995 දී ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනයේ සභාපතිගේ ජාත්‍යන්තර සහයෝගිතාව සඳහා වන සම්මානයෙන් ඔහු පිදුම් ලැබීය. 1997 වර්ෂයේ දී ශ්‍රී ලංකා රජය විසින් පරිගණක විද්‍යාවේ සංවර්ධනයට කළ සම්ප්‍රදානය සඳහා “විශ්ව ප්‍රසාදිනී” සම්මානයෙන් පුදනු ලැබීය. ඉන් අනතුරුව ‍1998 වර්ෂයේ දී තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයට කරනු ලැබූ සම්ප්‍රදානය සඳහා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික ජනරජයේ අතිගරු ජනාධිපතිතුමන් විසින් “විද්‍යා ජෝති” නමැති රාජ්‍ය සම්මානයෙන් ද පුදනු ලැබීය.

එවකට ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණය පිළිබඳ ඉහළම රජයේ ආයතනය වන ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණවේද සභාවේ (CINTEC) ආරම්භයේ සිටම කටයුතු කළ මහාචාර්ය සමරනායක එම ආයතනයේ සභාපතිවරයා ලෙස වසර 12ක් සේවය කර ඇත. ඔහු තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ පුරෝගාමීව කටයුතු කළ දෑ අතරින් තොරතුරු තාක්ෂණ ප්‍රතිපත්ති සම්පාදනය, නීතිමය යටිතලපහසුකම් සැකසීම, රාජ්‍ය පාලනයේ දී තොරතුරු තාක්ෂණය යොදා ගැනීම, ඊ-වාණිජ්‍යය, පරිගණක ආරක්ෂාව, අන්තර්ජාල තාක්ෂණය, පරිගණක පිළිබඳ දැනුවත් කිරීම් හා තොරතුරු තාක්ෂණ අධ්‍යාපනය වැනි අංග සුවිශේෂ වෙයි. ඔහු බහුභාෂා පරිගණනයෙහි සහ වෙබ් අඩවි සංවර්ධනයෙහි අතිශය වැදගත් යුනිකෝඩ් සහ ISO 10646 වැනි ප්‍රමිති සම්පාදනයෙහි ද මූලිකත්වය ගෙන කටයුතු කළ අතර එහිලා ඔහුගේ දායකත්වයක් සුවිශේෂ ය. රාජ්‍ය පාලනයේ නොයෙක් ක්ෂේත්‍රවලට පරිගණක තාක්ෂණය යොදා ගැනීමට කටයුතු කිරීම ඔහු ගත් පියවර අතර වැදගත් තැනක් උසුලයි. මැතිවරණ ප්‍රතිඵල නිකුත් කිරීමේ දී පරිගණක තාක්ෂණය යොදා ගැනීම මීට කදිම නිදසුනකි. ඔහු මෑතක දී ග්‍රාමීය ජනතාවට තොරතුරු තාක්ෂණය හඳුන්වා දීමේ අරමුණින් බහුකාර්ය ටෙලි-මධ්‍යස්ථාන (“නැණසල”)බිහි කිරීමේ වෑයමක නිරත වූ අතර මේ වන විටත් බහුතරයක් ග්‍රාමීය ජනතාව ඉමහත් ප්‍රතිඵල භුක්ති විඳිනු දැක ගත හැක.

වසර 2000 ආරම්භයේ දී අතිවීමට ගිය පරිගණක ව්‍යසනයට සාර්ථකව මුහුණ දී එය ජය ගැනීමට ඔහුගේ සභාපතිත්වයෙන් කටයුතු කළ Y2K විශේෂ කාර්ය බලකායට හැකි විය. www.lk ජාතික අන්තර්ජ‍ාල බිහිදොරේ නිර්මාතෘවරයා ඔහු ය. කොත්මලේ ඉදි කෙරුණු ප්‍රජා ගුවන් විදුලි මධ්‍යස්ථානය තුළින් ග්‍රාමීය ප්‍රජාවට අන්තර්ජාල පහසුකම් ලබා දීමට ද ඔහු ප්‍රමුඛත්වය ගෙන කටයුතු කළේ ය. සර්වෝදය මගින් ස්ථාපිත කෙරුණු විවිධ සේවා ප්‍රජා ටෙලි මධ්‍යස්ථ‍ාන වැඩසටහන ද ඔහුගේ සංකල්පයක් මත ගොඩනැගුණකි.

විශ්වවිද්‍යාල අධ්‍යාපනය පුළුල් කිරීමේ අරමුණින් කොළඹ විශ්වවිද්‍යාලය මගින් ඇරඹුණු තොරතුරු තාක්ෂණවේදී බාහිර උපාධි පාඨමාලාව ද ඔහුගේ පුරෝගාමීත්වයෙන් සිදුවු තවත් වැදගත් කටයුත්තකි. මෙය කෙතරම් ජනප්‍රිය වූයේ ද ‍කි‍යතොත් ආරම්භයේ දී මෙයට සිසුහු 5000ක් පමණ ලියාපදිංචි වූහ.

ඉන්ෆොටෙල් ලංකා සංගමයේ වත්මන් සභාපතිත්වය දරනුයේ (1998 සිට) ද මහාචාර්ය සමරනායක වන අතර එම සංවිධානයේ මෙන්ම එමගින් වාර්ෂිකව පැවැත්වෙන ජාත්‍යන්තර තොරතුරු තාක්ෂණ සමුළුවේ සහ ඉන්ෆොටෙල් ප්‍රදර්ශනයේ ද ගාමක බලවේගය ලෙස කටයුතු කළේ ඔහු ය.

වර්ෂ 2002 දී ඇමරිකා එක්සත් ජනපදයේ හාවඩ් සරසවියේ ජාත්‍යන්තර තොරතුරු යටිතලපහසුකම් පිළිබඳ ව්‍යාපෘතියේ ආගන්තුක විද්‍යාර්ථියකු ලෙසත් 2003 වසරේ දී ඇමරිකා එක්සත් ජනපදයේ හාවඩ් සරසවියේ රාජ්‍ය පාලනය පිළිබඳ කෙනඩි අධ්‍යයනායතයේ ඩිජිටල් රාජ්‍යපාලනය සඳහා වූ ජාතික කේන්ද්‍රයෙහි ආගන්තුක විද්‍යාර්ථි‍යකු ලෙසත් කටයුතු කර ඇත.

එසේම 2004/2005 වසරවල දී ස්ටැන්‍ෆර්ඩ් සරසවියේ ඩිජිටල‍් දර්ශන වැඩසටහනේ ආගන්තුක විද්‍යාර්ථි‍යකු ලෙස ද කටයුතු කර ඇත.

මහාචාර්ය සමරනායක ශ්‍රියා සමරනායක මහත්මියගේ දයාබර සැමියා ද‍ සමිත සහ නයන යන අයගේ දයාබර පියාණන් ද වෙයි.

එතුමාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ඇත.

Prof. V. K. Samaranayake ...

Prof. V. K. Samaranayake, Emeritus Professor of Computer Science, University of Colombo, Chairman Information and Communication Technology Agency of Sri Lanka (ICTA), Founder Director of both the Institute of Computer Technology (ICT) and the University of Colombo School of Computing (UCSC) passed away on the 6th June 2007, in Stockholm while attending a Swedish Government ICT development Programme.

He is well known in Sri Lanka and internationally among relevant professionals and organizations as an educator and the visionary/pioneer of modern IT policy formulation and implementation in Sri Lanka.

Appointed Professor and Head of Mathematics of the University of Colombo in 1974, he retired as Senior Professor of Computer Science of the University of Colombo on 30th Sept. 2004 after serving the University of Colombo (previously Ceylon) for a continuous period of 43 years since his first appointment in 1961 immediately following his graduation from the same University. He has served the University system in various capacities ranging from Head of Department to Vice Chancellor.

Having begun his career as a Mathematician and an academic he proceeded to invigorate the development of University education. He is identified with several pioneering initiatives and efforts in diverse areas such as Statistics Education, Development Education, Workers Education, IT Education and University Reforms. With the advent of the micro computer, he utilised his expertise in computing and proven management skills to introduce computer education on mass scale in Sri Lanka in Universities, schools and other training/educational institutions.

He was elected the General President of the Sri Lanka Association for the Advancement of Science during its Golden Jubilee year 1994 and served as the President of the National Academy of Science during the period 1999-2000. He was the founder Director of the University of Colombo School of Computing (UCSC), and its predecessor, the Institute of Computer Technology (ICT) of the University of Colombo until May 2004.

He has shown extra-ordinary management and partnering skills in establishing the ICT which has now grown in to the new UCSC. Started as a micro computer laboratory at the University of Colombo with British Aid he mobilized resources from the Government of Sri Lanka and UNDP, JICA and other donor agencies to set up a Centre of Excellence in Computing, which was considered by JICA as one of its show pieces of development cooperation in South Asia.

In the area of computing his contributions have been visionary and futuristic - yet most realistic.

In 1995 he was presented with the Japanese International Cooperation Agency President's Award for International Cooperation. In 1997 he was awarded the Visva Prasadini Award for contribution to the development of Computer Science by the Government of Sri Lanka. This was followed in 1998 by the award of the national honour "Vidya Jyothi" by H. E. the President of Sri Lanka, for his contribution to Information Technology, on the occasion of the 50th Anniversary of Independence.

He has also served the Council for Information Technology, the apex National agency for IT in Sri Lanka since its inception in 1985 and as its Chairman for a period of 12 years. In the filed of IT he has pioneered work on IT Policy, Legal Infrastructure, IT in Government, EDI/E-Commerce, Security, Internet Technology, Computer Awareness and IT Education. He was actively involved in the formulation of the UNICODE/ISO 10646 standard for Sinhalese Characters and in the development of multilingual web sites. He has also been instrumental in helping to apply computers in many areas of governance, including in elections. He is currently involved in introducing IT to rural communities and is engaged in developing Multipurpose Tele-Centers.

He chaired the National Y2K Task force that coordinated the very successful crossover to year 2000. He was involved in the establishment of the Internet facility at the remote Community Radio Station at Kotmale. The Multi Purpose Community Tele Centres established by Sarvodaya at several locations around the country were based on a concept developed by him.

More recently he initiated the External Degree of Bachelor of Information Technology (BIT) of the University of Colombo ( www.bit.lk) to expand quality university education, which in its very first year of operation has attracted 5000 registrations. He is currently the project coordinator of the Sida supported projects on inter-campus networking and capacity building and e-learning. He is also the Project leader of the JICA supported project on Capacity Building of the UCSC.

He has been Chairman of Infotel Lanka Society since 1998 and has been the force behind the organization of the annul International Information Technology Conference(IITC) and the Infotel Exhibition.

In 2002, He was a visiting Fellow of the Information Infrastructure Project of Harvard University and in 2003 he was visiting Fellow of the National Centre for Digital Government of the Kenndy School of Government of Harvard University, USA. He has been appointed Visiting Fellow of the Digital Vision Program of Stanford University for 2004/5.

In his long and illustrious career, Prof. Samaranayake was generously and unstintingly supported by his wife Sirya (nee Abeyratne) who also served the public sector alongside him. One of the best legacies left behind by him is his two sons Samitha and Nayana who have followed in his footsteps to climb high on the ICT ladder in the International arena, having graduated from two prestigious institutions to work in two leading global ICT companies.